රජරට පළාතේ පුලතිසි පුරවර මනරම් වාපි කර්මාන්තයෙන් පෝෂණය වන මනරම් සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ බෙලෙන් සපිරි පුරවැසියන් සිය දහස් ගණනින් රට දැය සමය තිලිණ කරන ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ අධ්‍යාපන කටයුතු මෙහෙයවන කීර්තිමත් විද්‍යාල මාතාවකි.
ගෝලීය අභියෝග ජයගන්නා වු ගුණගරුක ,විනයගරුක හා නැණ නුවනින් සපිරි දරු පිරිසක් නිර්මනය කිරීම.
අධ්‍යාපනයේ ජාතික අරමුණු හා පොදු අභිමතාර්ථ වලට එකගව,අභිමානනීය වූත්,අභීතවුත්,හෙළ උරුමයන් පවරා දෙනු ලබන විශ්ව සන්තුලනයෙන් හෙබි නිර්ව්‍යාජ,උතුම් පරපුරක් නිර්මණය කිරීමට අවශ්‍ය ඉගෙනිම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායි ලෙස මෙහෙයවීම අපගේ මෙහෙවරයි.