කවුඩුල්ල මහා විද්‍යාලය

සස්නක සන්සදය - මොරටුව විශ්වවිද්‍යාලය (O/L සත්කාරය)

IMG-20240328-WA0093.jpeg
IMG-20240328-WA0081.jpeg
IMG-20240426-WA0012.jpg

විදුහල්පති පණිවිඩය

E.M.U විජේවර්ධන මයා

කවුඩුලු විදු බිම ආරම්භයේ සිටම පුන්‍ය භූමිය කි .සෑම අතකින්ම දක්ෂතා පෙන්වූ සිසු දරුවන් අතීතයේ සිට මේ දක්වාම ඉගෙනුම් කාර්‍යයේ නිරතව සිටී.ඔවුන්ට නිසි මග පෙන්වූ ඇදුරු මඩුල්ලද අති විශිෂ්ඨ අධ්‍යාපන නියමුවන්‍ ය.

විෂය කටයුතු මෙන්ම විෂය සමගාමී කටයුතු ද සමබරව කරගෙන යාමට විදුහල මග පෙන්වනු ලබයි.මේ නිසා නව තාක්ෂණය උපරිම අයුරින් භාවිත කිරීම සදහා දරුවන් මෙහෙයවනු ලබයි.ඒ තුලින් දරුවන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රායෝගික අත්දැකීම් සපුරා ගැනීමට පාසල ඉඩකඩ හා පහසුකම් සපයනු ලබයි.

එවන් කාර්‍යයන් වලින් තවත් සුවිශේෂී කාර්‍යකි මේ වෙබ් අඩවි නිර්මාණය කිරීම.වෘත්තියක් වශයෙන් ,ව්‍යවසායකු වශයෙන් අනාගත වැඩ ලොවට ගැලපෙන දරුවන් නිර්මාණය කිරීම සදහා තොරතුරු තාක්ෂණ විෂය බාර ගුරුවරු වන I.A.S.ජයරත්න  හා A.M.I.M.අත්තනායක මහත්ම මහත්මීන් දෙපල මෙම කාර්‍යයේදී සුවිශේෂී නායකත්වයක් හා මගපෙන්වීමක් ලබා දී ඇත.මෙම කාර්‍යයේදී පාසලේ ගුරුවරුන් ද අනගි සහයක් ලබා දී ඇත.

මේ තබන නවමු පියවර අනාගත සිසු පරපුර උදෙසා කරනු ලබන විශේෂ ආයෝජනයකි.තවත් මෙවැනි කාර්‍යයන් සිදු කිරීම සදහා ගුරුභවතුන්ටත් දරුවන්ටත් මනා ශක්තියක් හා ධෛර්යයක් ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමි.

E.M.U විජේවර්ධන මයා
විදුහල්පති
kawudulla maha vidyalaya.