ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ විජයාව තරනයෙන් ආරම්භවී ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ මහින්දා ගමනයෙන් පසු බෞද්ධාගමේ සංස්කෘතික හරයෙන් ඔද වැඩී පණ්ඩුකාභය රජුගේ නගර සැලසුම් අනුව අදත් විරාජ මානව වැඩ වසන සිරිමා බෝසමිදු ගේ නිජබිම වන අනුරාධපුර රාජධානිය සෝලීන්ගේ ආක්‍රමණයට ලක් වීමෙන් පසු බිහි වූ සිංහලයේ දෙවන රාජධානිය වන පුලතිසි පුරවරයේ ජාතියේ පියා ලෙස සලකනු ලබන ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ගරු ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් ආරම්භකළ ගොවිජනපද ව්‍යාපාර යටතේ ආරම්භ කල මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයේ කවුඩුලු ගම්පියසේ මනරම් භුමි භාගයකින් පරික්ෂිප්ත කවුඩුලු විදුමාතාව දස දහසක් දූ පුතුන්ගේ නැණ පහන් පුබුදුවාලීමට මහෝපකාරී වූ අභිමානවත් විදුමාතාවක් ලෙස විරාජමානව සිටී. 1947 වර්ෂයේ මධ්‍යම කදුකරයේ ඇති වූ නායයාම් නිසා අසරණව උන් හිටි තැන් අහිමිවූ පවුල් 500 යක් පමණවූ ගම්වැසියන් මින්නේරිය ගොවිජන පද ව්‍යාපාරය යටතේ පදිංචි කිරීමත් සමග එම ප්‍රදේශයේ සිටියදී සාමාන්‍ය තත්වයක ඉගෙනුම් ලබමින් සිටි දුදරුවන් රැසකගේ නැණස යලිපාදාලීමේ අරමුණින් එවකට ඉඩම්,ඉඩම් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යව සිටි ගරු සී.පී.ද .සිල්වා මැතිතුමාගේ මැදිහත් වීමෙන් ඉදිකොට ඔහුගේම ආරාධනයෙන් පැමිණි ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් මෙම පාසල 1951 ස්ථිර ගොඩ නැගිල්ලක් සහිතව ඉදිකර ඇත.එහෙත් මෙය පාසලක් ලෙස 1947 ජනවාරි මස27 හෝ ඒ ආසන්න කාලයක එවකට අට ශ්‍රේණිය සමත්ව සිටි බී.ජී.ලීලාවතී මහත්මිය හා බිසෝ මැණිකේ නම් තවත් ගුරු මාතාවක්ද සමග එක්ව දැනට සමුපකාරය පිහිටා ඇති භුමි භාගයේ තාවකාලිකව ඉදිකළ ගොඩනැගිල්ලක පාසල ආරම්භකළ බව ඉතිහාසගතව ඇත.මෙහි ප්‍රථම විදුහල්පතිවරයා ලෙස එම්.එම්.සිල්වා මහතා කටයුතුකර ඇත.විශේෂ්‍යත්වය වනුයේ මෙම ගුරු මාතාවන් දෙපලම එහි ඉගැන්වීමේ කටයුතු ස්වෙච්ඡාවෙන් සිදුකිරී මයි. සිසුන් 37 දෙනෙකුගෙන් ආරම්භකළ විධිමත් පාසලහි ප්‍රථම විදුහල්පති වරයා ලෙස සුභ වික්‍රම මාහතා කටයුතුකර ඇත. එතැන් පටන් පාසලේ උන්නතිය උදෙසා පී.ඩී.ගෝමස් මැතිතුමා ජයලත් මැතිතුමා,හේරත් මැතිතුමා සමරකෝන් මැතිතුමා,එච්.ජී.ආරියරත්න මැතිතුමා,පැස්කුවල් ප්‍රනාන්දු මැතිනිය,කේ.ජී.එන්.එස්.විජේතිලක මැතිතුමා,චන්ද්‍රපාල මැතිතුමා,ආර්.ඩබ්.සමරදාස මැතිතුමා,ඕ.කේ.ඩී.ආරියරත්න මැතිතුමා,එස්.ජයරත්න මැතිතුමා,සහ ඒ.එම්.ටී.ඒ.අමරකෝන් මැතිතුමා යන විදුහල්පතිවරුන් කල කැපකිරීම සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.වර්තමානය වන විට පාසල මෙහෙයවනු ලබන්නේ ඩබ්.ඒම්.සේනාරත්න මහත්මා විසිනි.
වර්තමාන පාසල සිසුන් 889 කගේ නැණස පෑදීමට සුදුසු පරදී එක ශ්‍රේණියේ සිට13 කලා වාණිජ විෂය ධාරාව දක්වා පන්ති පරාශය පුළුල්ව ඇති අතර ගුරු මණ්ඩලය44 කින්ද අනධ්‍යන කාර්ය මණ්ඩලය 4 දෙනෙකුගෙන්ද සමන්විත කලාවිෂයධාරාව යටතේ 2012 වර්ෂයේ දිවයිනේ දෙවෙනියා බිහිකිරීමට මෙන්ම සිංහල භාෂා ,නර්තනය, සමාජ විද්‍යා වේ.විද්‍යාලය භාෂා ,චිත්‍ර කලාව,වැනි විෂය සමගාමී තරග ජයග්‍රහනද ලබමින් ප්‍රදේශයේ නමගත් පාසලක් බවට පත්ව ඇත. එහෙත් තරග,සංගීතය,ඉංග්‍රීසි අනෙකුත් පාසල් හා සසදන කල අඩුපාඩුකම් රාශියක් තිබුනද එම අඩුපාඩු ක්‍රමයෙන් මගහරවා ගනිමින් දැනුම,කුසලතා, සහ පිරිපුන් වූ ප්‍රදේශයේ සමාජ කුසලතා වලින් සපිරි පෞර්ෂතත්වයෙන් පිරිපුන් රටට වැඩදායී දරු පරපුරක් බිහිකිරීමට අප සම අත්වැල් බැඳගෙන සිටිමු.







