සිරිබර කවුඩුලු මහ විදුහල්
මාතා සැරදේ වා සැමකල්
රජරට දරු පර පුර නංවාලන//
පෙම්බර අප විදුහල් මවුනි
බැබලේ ලකබර ඔබෙ සිරි නාමෙ
විදුණැන අපහට දී සැමදා
සිරිබර කවුඩුලු මහ විදුහල්
මාතා සැරදෙ වා සැමකල්
සිප්සත විදුණැන පතුරා දස අත//
ගුණ දම් ඔවදම් දී සැමැදා
හෙල විරුනවන් හට මග පෙන්වූ//
ඔබ වේ අප සැමගේ ජීවේ







