නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
M.P.D. හේරත් මිය
රජරට පළාතේ පුලතිසි පුරවර ඉතා මනරම් සිහිලස ගෙනදෙන දොළ පහරකින් හා කෙත් යායකින් වට වූ කවුඩුලු ගම් පියසෙහි පිහිටියා වූ කවුඩුල්ල මහා විද්‍යාලය ප්‍රදේශයේ ඇති දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගන දීප්තිමත් පාසලකි.කලාප,පළාත්,සමස්ත ලංකා මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගනිමින් රට දැයට උරුමකම් කියන සිසු පරපුරකින්ද පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන්ද බොහොමයකි.පංච මහා බලවේගයන්ට නතුව දෙස් විදෙස්වල රැකියාවල නියුතු ව්‍යවසායකයින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරති.අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල මෙහෙවරක් ඉටුකරන අතර මෙම වෙබ් අඩවිය මගින් විවිධ පාර්ශව සමග පලදායී ලෙස අදහස් හුවමාරු කර ගැනීමටත් බලාපොරොත්තු වෙමි.මෙම වෙබ් අඩවිය ඔස්සේ අප උදෙසා සහයෝගය දක්වන මෙන් අරාධනා කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා උර දුන් සැමට මාගේ හර්දයාංගම පිරිනමන අතර ,දරු දැරියන් නැණ ගුණ ඇති දිනෙන් දින සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි
M.P.D. හේරත් මිය
නියෝජ්‍ය විදුහල්පති
Kawdulla Maha Vidyalaya.







