1947 වර්ෂයේ මධ්‍යම කදුකරයේ ඇති වූ නායයාම් නිසා අසරණව උන් හිටි තැන් අහිමිවූ පවුල් 500 යක් පමණවූ ගම්වැසියන් මින්නේරිය ගොවිජන පද ව්‍යාපාරය යටතේ පදිංචි කිරීමත් සමග එම ප්‍රදේශයේ සිටියදී සාමාන්‍ය තත්වයක ඉගෙනුම් ලබමින් සිටි දුදරුවන් රැසකගේ නැණස යලිපාදාලීමේ අරමුණින් එවකට ඉඩම්,ඉඩම් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යව සිටි ගරු සී.පී.ද .සිල්වා මැතිතුමාගේ මැදිහත් වීමෙන් ඉදිකොට ඔහුගේම ආරාධනයෙන් පැමිණි ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් මෙම පාසල 1951 ස්ථිර ගොඩ නැගිල්ලක් සහිතව ඉදිකර ඇත.එහෙත් මෙය පාසලක් ලෙස 1947 ජනවාරි මස27 හෝ ඒ ආසන්න කාලයක එවකට අට ශ්‍රේණිය සමත්ව සිටි බී.ජී.ලීලාවතී මහත්මිය හා බිසෝ මැණිකේ නම් තවත් ගුරු මාතාවක්ද සමග එක්ව දැනට සමුපකාරය පිහිටා ඇති භුමි භාගයේ තාවකාලිකව ඉදිකළ ගොඩනැගිල්ලක පාසල ආරම්භකළ බව ඉතිහාසගතව ඇත.මෙහි ප්‍රථම විදුහල්පතිවරයා ලෙස එම්.එම්.සිල්වා මහතා කටයුතුකර ඇත.විශේෂ්‍යත්වය වනුයේ මෙම ගුරු මාතාවන් දෙපලම එහි ඉගැන්වීමේ කටයුතු ස්වෙච්ඡාවෙන් සිදුකිරී මයි.







